සංඝරත්නයට අපහාස කරන ඇමතිවරුන්, අස්ගිරි නාහිමියන්ගේ දැඩි විවේචනයට

Friday, 15 September 2017 - 19:02

%E0%B7%83%E0%B6%82%E0%B6%9D%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B7%83+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
සිහිවිකල් වූ ඇතැම් අමාත්‍යවරුන් මහා සංඝරත්නයට කරන අපහාස පිළිබදව අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් දැඩි විරෝධය පළ  කළා. ඒ, මහනුවර අද පැවැති  උත්සවයක් අමතමින්.

මේ අතර, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සහ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගියදා මහා සංඝරත්නය සහ හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා.

අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ට අපහාස වන ආකාරයෙන් සිදුකළ ප්‍රකාශයට විරෝධය පල කිරීමේ උද්ඝෝෂණයක් අද පස්වරුවේ ඇල්පිටිය නගරයේදී පැවැත්වුණා.

ඊට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.