උතුරු කොරියාවට අනතුරු ඇඟවීමක්

Friday, 15 September 2017 - 19:06

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
උතුරු කොරියාවේ අනාගතය යහපත් නොවනු ඇති බව ජපාන අග්‍රාමාත්‍ය ෂිං ෂෝ අබේ පවසනවා.

උතුරු කොරියාව යළි ජපානයේ හොකයිඩෝ දුපතට ඉහළින් තවත් මිසයිලයක් එල්ල කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමිනුයි එරට අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

තම ඉවසීමේ සීමාව ඉක්ම යමින් පවතින බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.

පසුගිය මාසයේදී ද උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් එල්ල කලා.

උතුරු කොරියාවේ මෙම ක්‍රියාව ලොව ප්‍රබල රටවල් රැසක දැඩි දෝශ දර්ශණයට ලක්ව ඇති බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

අමරිකාව ප්‍රකාශකර ඇත්තේ මෙම තත්වයට ප්‍රතිචාර දැක්වීම චීනය සහ රුසියාව යන කොමියුනිස්ට්වාදී රටවල් දෙක මත පදනම්වී පවතින බවයි.

කෙසේවෙතත් අමරිකාව ස්වයං ප්‍රතිපත්තියක සිට උතුරු කොරියාවට ප්‍රතිචාර දැක්වීමට පසුබට වන බව චීනය පෙන්වා දෙනවා.