සයිටම් ආයතනට නවක වෛද්‍ය සිසුන් බඳවා තාවකාලිකව අත්හිටුවයි

Friday, 15 September 2017 - 20:53

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%B3%E0%B7%80%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
සයිටම් ආයතනට නවක වෛද්‍ය සිසුන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

සයිටම් ගැටලුව විසදීම සඳහා ජනාධිපතිවරයා විසින් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත්කළා.

මෙම කමිටුව විසින් පසුගිය සැප්තැම්බර් 11 වනදා ජනධිපතිවරයා වෙත කමිටු වාර්තාව ඉදිරිපත් කළ අතර මෙම කමිටුව අදාල ගැටලුව සම්බන්ධයෙන් දින 10ක පමණ කාලයක් පාර්ශව රැසක් සමග සාකච්ඡා කරනු ලැබුවා.

මෙම  සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස කමිටුව නිර්දේශ කළේ  සයිටම් ආයතන වෙත  වෛද්‍ය උපාධිය සඳහා සිසුන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවීමටයි.

ඒ අනුව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් එම නිර්දේශය තිරණය කර සයිටම් ආයතනට, විශ්ව විද්‍යාල පනතේ 70 වන වගන්තිය යටතේ අද දින දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ධනාත්මක පියවරත් සමඟ සරසවි සිසුන්, දෙමව්පියන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ පීඨාධිපතිවරුන්  මෙන්ම ශිෂ්‍ය සංගම් එක්ව විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ නැවත ආරම්භ කිරීමට කටයුතු කරනු ඇතැයි රජය අපේක්ෂා කරන බවයි ජනාධිපති මධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.