විදුලි සේවකයින් සිව් වන දිනටත් වර්ජනයේ - වර්ජනය අසාර්ථක බව ඇමති කියයි

Saturday, 16 September 2017 - 7:10

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+-+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනයේ සිව් වන දිනය අදයි.

ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ සිය ඉල්ලීම්වලට ඊයේ රාත්‍රිය වන තුරුම විසඳුමක් නොලැබුණු බවයි.

විදුලිබල මණ්ඩලය තුළ ඉහළ පාලන අධිකාරියට වැටුප් ගෙවීමේදී සිදුවන මූල්‍ය අක්‍රමිකතාවන් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විදුලි වෘත්තීය සමිති මෙම වර්ජනය ආරම්භ කළේ පසුගිය 13 වන දායි.

මේ අතර, 2014 වසරේ සැප්තැම්බර් 1 වන දායින් පසු විශ්‍රාම ගිය විදුලිබල මණ්ඩලයේ ක්ෂේත්‍ර කාර්මික නිලධාරීන්ට සහ රියදුරන්ට වහාම සේවයට වාර්තා කරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඊයේ ඉල්ලීමක් කළා.

කෙසේ නමුත්, විසඳුමක් ලැබෙන තුරු සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් කියා සිටියේ.

මේ අතර, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ගේ වැඩ වර්ජනය අසාර්ථක වී ඇති බවයි.

වර්ජනයෙන් අතලොස්සකට පමණක් විදුලිය බිද වැටී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සඳහන් කළා.

විදුලි ජනන, සම්ප්‍රේෂණ සහ බෙදා හැරීම් සියයට සියයක මට්ටමින් සිදුවන බව ද එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම මානුෂික තත්ත්වයන් නොසලකා කොළඹ ජාතික රෝහලේ විදුලි කාර්ය මණ්ඩලය ඉවත් කර ගැනීම ද වර්ජනයේ මානුෂික පසුබිම උකසට තැබීමක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

කුමන බාධක පැමිණිය ද අඛණ්ඩව මහජනතාව වෙනුවෙන් විදුලිය ලබාදෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණේ.