ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට වසර 40ක් සපිරීම ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් සැමරේ

Saturday, 16 September 2017 - 8:44

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+40%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%9A
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට වසර 40ක් සපිරීම නිමිත්තෙන් පැවැති සැමරුම් උත්සවය ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ, කටුනායක අපනයන සැලසුම් කලාපයේදියි.

මෙහිදී ජනාධිපතිවරයා විසින් ආයෝජන මණ්ඩලයේ නිර්මාතෘවරයා වූ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ අනුරුවක් ද විවෘත කරනු ලැබුවා.

එමෙන්ම තෝරා ගත් ආයෝජකයින් 40 දෙනෙකුට විශිෂ්ඨතා සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුකෙරුණා.