ඉදිරි දින තුනේ මුහුද රළුවේ

Saturday, 16 September 2017 - 11:30

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF+%E0%B6%BB%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ඉදිරි දින තුනේ දී දිවයින වටා මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින කැළඹිලි සහිත ස්වභාවයක් මීට හේතු වී ඇති බවයි.

ඊසානදිග මුහුදේ සුළං වේගය ඇතැම් අවස්ථාවලදී පැයට කිලෝමීටර් 80ක් දක්වා ඉහළ යා හැකියි.

මෙම කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවෙන් ඉල්ලීමක් කළේ.