විදුලි වර්ජනය අඛණ්ඩව - සේවා සැපයීමට හමුදා කණ්ඩායම් 89ක් සූදානමින්

Saturday, 16 September 2017 - 13:00

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80+-+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+89%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත්  ඕනෑම අවස්ථාවක අඛණ්ඩ විදුලි සැපයුම වෙනුවෙන් මැදිහත්වීමට සූදානමින් සිටින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න පවසනවා.

හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේ හමුදා භට කණ්ඩායම් 89ක් ඒ සඳහා මේ වන විටත් සූදානම් කර ඇති බවයි.

මේ අතර, විදුලිබල වෘත්තීය සමිති පවසන්නේ කිසිදු බලපෑමක් හමුවේ නොනැවතී වර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි.

එමෙන්ම බලධාරීන් විශ්‍රාම ගිය විදුලි සේවකයන්ට යළි සේවයට පැමිණෙන ලෙස ඉල්ලීම් කළ ද කිසිවෙකුත් ඊට ප්‍රතිචාර දක්වා නොමැති බව ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් ප්‍රකාශ කළා.

විදුලිබල අමාත්‍යාංශය පවසන්නේ වර්ජනයේ නිරත වෘත්තීය සමිති ඇතැම් ස්ථානවල කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ මහජනතාව මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙසයි.

විදුලිබල සේවක වර්ජනය හේතුවෙන් මඩකලපුව, ගාල්ල, කළුතර, අම්පාර, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට අයත් ප්‍රදේශ කිහිපයක විදුලි බිද වැටීම් සිදුව ඇති බවට වාර්තා වනවා.

ඉංජිනේරු කාර්යාලවල සේවකයන් නොමැතිවීම හේතුවෙන් සැපයුම යථා තත්වයට පත් කිරීමේ කටයුතු ප්‍රමාද වී ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලන අධිකාරියට වැටුප් ගෙවීමේදී මුල්‍ය අක්‍රමිකතාවක් සිදුවන බව පවසමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය 13 වන දා විදුලිබල වෘත්තීය සමිති ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය ආරම්භ කළා.