දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් 6 දෙනෙකුට තුවාල

Saturday, 16 September 2017 - 14:18

%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+6+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද පෙරවරුවේ කඩවත සිට ගොඩගම දක්වා ධාවනය වූ වෑන් රථයක් රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිව ආරක්ෂිත වැටේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

සිද්ධියෙන් වෑන් රථයේ ගමන් ගත් කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කරනු ලැබුවා.