ඇමරිකාවට සමාන යුද බලයක් ගොඩනගන බව උතුරු කොරියාව කියයි

Saturday, 16 September 2017 - 14:28

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සිය න්‍යෂ්ටික ඉලක්කයන් කරා උතුරු කොරියාව ළඟා වන බව එරට නායක කිම් ජොං අන් පවසනවා.

එමෙන්ම ඇමරිකාව සමඟ සමතුලිත හමුදා බලයක් ගොඩනගන බවයි රාජ්‍ය මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ.

උතුරු කොරියානු නායක කිම් ජොං අන් මෙම ප්‍රකාශය සිදුකළේ මෙතෙක් ඔවුන් යැවූ වැඩිම දුරකට ජපානයේ හොකයිඩෝ දිවයින හරහා පැසිෆික් සාගරය වෙත මිසයිලයක් එල්ල කිරීමෙන්.

උතුරු කොරියාවේ මීළඟ ඉලක්කය වන්නේ කිලෝමීටර් දස දහසත්, 11,500ත් අතර දුරකට එල්ල කළ හැකි මිසයිල සංවර්ධනය කිරීමයි.

උතුරු කොරියානු නායකයා අවධාරණය කළේ ඇමරිකාවට සමාන හමුදා බලයක් ගොඩ නැගීමෙන් එරටින් එල්ල වන යුදමය තර්ජනය අවම වනු ඇති බවයි.