ලී ගොඩකට යටවී කුඩා දැරියක් මරුට (ඡායාරූප)

Saturday, 16 September 2017 - 14:57

%E0%B6%BD%E0%B7%93+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%93+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නිවසක් අලුත්වැඩියාවට රැගෙන විත් තිබු ලී ගොඩක් සිරුර මතට පෙරලීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගලෙන්බිඳුණුවැව යාය 5 ප්‍රදේශයේදී සිදුවු මෙම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 4 ක කුඩා දැරියක්.

ඇය අසල්වැසි නිවසක තවත් දැරියන් දෙදෙනෙකු සමග සෙල්ලම් කරමින් සිටියදී එම නිවසේ අලුත්වැඩියාවට ගෙනැවිත් තිබු ලී ගොඩ සිරුර මතට වැටී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අනෙක් දැරියන් දෙදෙනාට හානියක් සිදුව නැහැ.

පසුව ඔවුන් දෙදෙනා සිද්ධිය පිළිබඳ නිවෙස් හිමියන් දැනුවත් කිරීමෙන් අනතුරුවයි දැරිය බේරාගෙන ගලෙන්බිඳුනු වැව ග්‍රාමීය රෝහලට රැගෙන ගොස් ඇත්තේ.

කෙසේවෙතත් ඒ වන විට දැරිය මියගොස් ඇතැයි වෛද්‍යවරුන් ප්‍රකාශකර තිබෙනවා.

මියගිය දැරියගේ පියා වෙනත් විවාහයක් සිදුකරගෙන ඇති අතර ඇය හැදී වැඩී ඇත්තේ මවගේ දෙමව්පියන් භාරයේයි.

ඇයගේ මව උපතේ සිටම කථන අපහසුතාවකින් පෙළෙන අයෙක් බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.

එමෙන්ම දැරියගේ මවගේ පියා ද ආබාධිතව එක්තැන්ව පසුවන බව සඳහන්.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දැරියගේ සිරුර ඥාතීන්ට භාරදී ඇති අතර ගලෙන්බිඳුනුවැව පොලිසිය අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වනවා.




ඡායාරූප - ගලෙන්බිඳුනුවැව චින්තක බාලසුරිය