අනවසරයෙන් කසල බැහැර කළ 99 ක් අත්අඩංගුවට

Saturday, 16 September 2017 - 16:12

%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9A%E0%B7%85+99+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බස්නාහිර පළාත තුළ අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයින් 99 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් ඒකාබද්ධව පසුගිය 12 වනදා සහ 13 වනදා සිදුකළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව කොළඹ උතුර, මධ්‍යම සහ දකුණ ප්‍රදේශවලින් පුද්ගලයින් 59 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, නුගේගොඩ, ගල්කිස්ස, ගම්පහ, කැලණිය සහ මීගමුව ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 40 ක්.

මෙම පිරිසට එරෙහිව පොලිසිය නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.