අතුරුදන්වූවන්ගේ කාර්යාල පනතින් අතීතයට බලපෑමක් නැහැ - අගමැති කියයි

Saturday, 16 September 2017 - 19:39

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%93%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අතුරුදන්වූවන් පිළිබද කාර්යාල පනත කිසිවිටෙකවත් අතීතයට බල නොපාන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

පොල්පිතිගම ජාතික පාසලේ අද (16) පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ තාජුඩීන් ඝාතනය සහ එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අදාළ පනත යටතේ නඩු පැවරිය නොහැකි බවයි.

‘‘පැහැරගෙන යාම ඛඔඔෑ එකෙන් විශාල වශයෙන් කළා. සමහර ආරක්ෂක අංශවලට චෝදනා තිබුණා. බලහත්කාරයෙන් අතුරුදන් වීම ගැන ජාත්‍යන්තර සම්මුතියක් තියෙනවා. මම දන්න හැටියට 2005 ඉඳන් මේක සංවිධාන කරද්දී අපිට සම්බන්ධ වෙන්න කිව්වා. මේවා සකස් කරන කාලේ මගෙනුත් ඇහුවා. ඉතින් මම කිව්වා යුද්ධය තියෙනකම් මෙව්වා අපිට අත්සන් කරන්න බැහැ. අසාධාරණ වෙන්න පුළුවන්. යුද්ධය 2009 ඉවරයි. ඒ නිසා 2015 දෙසැම්බර් මාසයේ අපි මේ ගිවිසුම අත්සන් කළා. මේ ගිවිසුම අනාගතයට දාන්න පුළුවන් අතීතයට දාන්න බැහැ. සමහරු කියනවා මම දැක්කා මගේ පරණ මිත්‍ර මහාචාර්ය ජී.එල් පීරිස් මැතිතුමත් ප්‍රකාශ කරලා තියෙනවා අතීතයට මේක වැටෙනවා කියලා. අතීතයට මේකේ බලපෑමක් නෑ. මේක ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ 2017 ඔක්තෝබර් නොවැම්බර් මාසයේ. ඉතින් ඊට ඉස්සෙල්ලා වුණ අපරාධ කිසිවිටෙක මේක යටතේ ක්‍රියාත්මක කරන්න බැහැ. මම දැක්කා එක මාධ්‍යයක දාලා තියෙනවා මේකේ ලොකුම ප්‍රශ්නය තියෙන්නේ එක්නැළිගොඩල තාජුඩීන් වාගේ අය පිළිබඳව. ඉතින් කවුරුවත් ඒකට සම්බන්ධ වුණා කියලා මේක යටතේ නඩු දාන්න බැහැ. රටේ වෙන කෑල්ලක පුළුවන් ’’ යනුවෙන් එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.