ලොජ් හන්දියේ අනතුරකින් චීන ජාතිකයෙකු මරුට

Sunday, 17 September 2017 - 6:51

%E0%B6%BD%E0%B7%9C%E0%B6%A2%E0%B7%8A+%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
හබරණ - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ලොජ් මංසන්ධියේ සිදුවු රිය අනතුරකින් චීන ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් චීන ජාතිකයෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් පාර මාරුවීමට යාමේදී බස් රථයක ගැටී ඉන් අනතුරුව ලොරි රථයකට යටවීමෙන් මෙම අනතුරට මුහුණ දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම චීන ජාතිකයින් දෙදෙනා පවුලේ සාමාජිකයින් සමඟ මෙරට සංචාරයකට පැමිණ ඇති අතර, හබරණට ගොස් යළි ඔවුන් නවාතැන්ගෙන සිටි හෝටලයට යාමේදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

සෝමාවතියේ සිට මහව බලා ධාවනය වූ බස් රථයකයි මෙම චීන ජාතිකයන් දෙදෙනා ගැටී ඇත්තේ.

බස් රථයේ ගැටුණු ඔවුන් දෙදෙනා විසි වී ගොස් දඹුල්ලේ සිට හබරණ බලා ධාවනය වූ ලොරි රථයකද ගැටී තිබෙනවා.

එම ස්ථානයේදීම එක් චීන ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තුවාල ලැබූ අනෙක් චීන ජාතිකයා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දඹුල්ල රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරු කර යවා තිබෙනවා.

අනතුරට ලක්වූවන් චීනයේ - බීජිං නුවර පදිංචිකරුවන් වන අතර, මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 46 ක්.