ජගත් මහා මණ්ඩලය ඇමතීමට ජනපති, අද ඇමරිකාවට

Sunday, 17 September 2017 - 7:23

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරය ඇමතීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පස්වරුවේ ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.

 ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතන තුන්වන අවස්ථාව මෙයයි.

ජනතා කේන්ද්‍රීය තිරසර ලෝකයක් මත සැමදෙනා හට වැදගත් ජීවිතයක් සහ සාමය සදහා ප්‍රයත්න දැරීම තේමා කර ගනිමින් මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරය නිව්යෝක්හි පිහිටි ජගත් සංවිධාන මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

එහි ප්‍රධාන සැසිවාරය අනිද්දා ආරම්භ කෙරෙන අතර, එදින පස්වරුවේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

මෙරට දේශපාලනික සම්මුතිවාදය, සංහිදියාව සහ සාමය පිළිබදව මෙන්ම 2017 වසර දිළිදුකමින් අත්මිදීමේ වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කරමින් ගෙන යන වැඩපිලිවෙල සහ හරිත සංවර්ධනය සදහා ගෙන යන වැඩපිළිවෙල පිළිබදව ද ජනාධිපතිවරයා මෙම සැසිවාරය තුළදී ලෝක නායකයින් දැනුවත් කරනු ඇති.

එමෙන්ම, සැසිවාරයට සහභාගි වන ලෝක නායකයින් රැසක් සමග ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට නියමිත අතර, සැප්තැම්බර් 23 වනදා දක්වා සිදුකෙරෙන ඇමරිකානු නිල සංචාරය තුළදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවීමටද නියමිතව තිබෙනවා.