අබලන් පාර කාපට් කර ඇති බවට අපූරු ලිපියක් දැරණියගලින්

Sunday, 17 September 2017 - 7:55

%E0%B6%85%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B4%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
දැඩි ලෙස අබලන්ව ඇති මාර්ගයක් පිළිසකර කර දෙන ලෙසට යැවූ ලිපියකට අදාළ මාර්ගය සංවර්ධනය කර ඇති බවට බලධාරින්ගෙන් පිළිතුරු ලැබීමේ පුවතක් දැරණියගල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙම අපූරු ලිපිය ලැබී ඇත්තේ කෑගල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්ක යා කරන දැරණියගල හරහා දිවෙන දෙහිඕවිට - පොල්ගස්වත්ත මාර්ගය සම්බන්ධයෙන් කළ විමසීමකට අනුවයි.

කිලෝමීටර් 34 ක දිගින් යුත් මෙම මාර්ගයේ කිලෝමීටර 14ක කොටසක් මේ වනවිට කාපට් අතුරා නිම කර අවසන්.

කෙසේ වෙතත්, දැරණියගල සිට පොල්ගස්වත්ත දක්වා කිලෝමීටර් 20 ක පමණ කොටස තවමත් පවතින්නේ දැඩි අබලන් තත්ත්වයකයි.

මේ හේතුවෙන් ග්‍රාම සේවා වසම් 19 ක ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවයි ඔවුන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.   

මේ පිළිබදව දොඩාවත්ත ග්‍රාම සංවර්ධන සමිතිය විසින් සබරගමුව පළාත් සභාවට ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇත්තේ මෙම මාර්ගය කඩිනමින් කාපට් යොදා සංවර්ධනය කර දෙන ලෙසයි.

ඊට පිළිතුරු ලෙස එම පළාත් සභාව විසින් එවා ඇති ලිපියක සදහන්ව ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ගය කාපට් යොදා සංවර්ධනය කර අවසන් කර ඇති බැවින් ඒ සදහා වෙන් කර තිබූ මූල්‍ය ප්‍රතිපාදන අවලංගු කර ඇති බවයි.