ඇමතිකමෙන් ඉවත් කළ අරුන්දික ඒකාබද්ධයේ අසුන් ගනී (ඡායාරූප)

Sunday, 17 September 2017 - 13:46

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
විපක්ෂය නියෝජනය කරමින් පවතින රජය පෙරළීමට කටයුතු කරන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ පසු ප්‍රථම වරට අද ඒකාබද්ධ විපක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවේ  අසුන් ගනිමින්.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ හැසිරීම සම්බන්ධයෙන්ද මෙහිදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු විවේචනයක් එල්ල කළා.

එහිදී ඔහු කියා සිටියේ භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකින බවයි.

මෙම මාධ්‍ය හමුවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් බන්දුල ගුණවර්ධන සහ සනත් නිශාන්ත යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වූ පියංකර ජයරත්නද එක්ව සිටියා.