වැලිඔය පොලිසියට පහරදුන් 14ක් අත්අඩංගුවට - පොලිසියේ තුන්දෙනෙකුට තුවාල

Sunday, 17 September 2017 - 19:06

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%94%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+14%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
මත්ද්‍රව්‍ය වැටලීමක් සදහා මුලතිව් - වැලිඔය ජනකපුර ප්‍රදේශයට ගිය පොලිස් නිලධාරින් පිරිසකට ඊයේ රාත්‍රියේදී කිසියම් පිරිසක් පහර දී තිබෙනවා.

පහර කෑමෙන් තුවාල ලැබු පොලිස් නිළධාරින් තිදෙනෙකු මේ වන විට ප්‍රතිකාර සදහා වැලිඔය දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

එමෙන්ම වැටලිම සදහා පොලිස් නිලධාරින් පැමිණි ජීප් රථයටද එම පිරිස පහර දි ඇති බවට ද වාර්තා වනවා.

කෙසේ වෙතත් පොලිස් නිලධාරින්ට පහරදීම සම්බන්ධයෙන් ජනකපුර ප්‍රදේශයේ පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.