වැලිඔයදී පොලීසියට පහරදුන් තවත් 04 දෙනෙකු අත්අඩංගුවට

Monday, 18 September 2017 - 7:50

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%94%E0%B6%BA%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+04+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වැලිඔය පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ පහරදීමේ සිද්ධිය පිළිබදව තවත් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට මේ වනවිට 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, කාන්තාවන් තුන්දෙනෙකුද එම පිරිස අතර වන බවයි පොලීසිය සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය වැටලීමක් සදහා වැලිඔය - ජනකපුර ප්‍රදේශයට ගිය පොලිස් නිලධාරින් පිරිසකට පෙරේදා රාත්‍රියේදී කිසියම් පිරිසක් පහර දී තිබුණා.

පහර කෑමෙන් තුවාල ලැබු පොලිස් නිළධාරින් තුන්දෙනෙකු තවමත් වැලිඔය - සම්පත් නුවර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

එමෙන්ම වැටලීම සදහා පොලිස් නිලධාරින් පැමිණිි  ජීප් රථයටද එම පිරිස පහර දී තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 14 දෙනෙකු කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත්වරයා හමුවට  ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.