වීරකුමාර අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

Monday, 18 September 2017 - 10:10

%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අත්අඩංගුවට ගන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද(18) වරෙන්තු නිකුත් කළා.

ඒ, ජානිපෙ නායක විමල් විරවංශ ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පනවා ඇති නඩුවට වීරකුමාර දිසානායක මන්ත්‍රිවරයා අද පෙනී නොසිටීම හේතුවෙන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු හත්දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇත්තේ මහජනයාට හිරහැර වන පරිදි කොළඹ බෞද්ධාලෝක මාවතේදී උද්ඝෝෂණයක් පැවැත්වීම යන චෝදනවන්ටයි.

ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්වුවා.

නිසි බලපත්‍ර නැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් මාර්ගවල රථ ධාවනයට බාධා පමුණවමින් අදාල උද්ඝෝෂණය පැවැත්වූ බවටයි පොලීසිය චෝදනා එල්ල කර තිබුනේ.