update :- කඩාවැටුන ගොඩනැගිල්ලේ සිරවී සිටි අයෙකු බේරාගනී (ඡායාරූප)

Monday, 18 September 2017 - 10:49

update+%3A-+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B1+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කඩාවැටුන අහංගම ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයෙකු බේරාගෙන කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බව අප වාර්තාකරු පවසනවා.

අද පෙරවරු 9.45 ට පමණ මෙලෙස කඩාවැටී ඇත්තේ හෝටල් සංකීර්ණයක් ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් බවයි පොලීසිය සඳහන් කළේ.

ගොඩනැගිල්ලේ ඉදිවෙමින් තිබූ සියලූම මහල් මෙලෙස කඩා වැටී තිබෙනවා.

මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත්තේ පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක් මගින්.

තුවාල ලැබූ ඉදිකිරීම් කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයින් හයදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

පසුගිය මැයි මස 18 වනදා ද  වැල්ලවත්ත සැවෝයි සිනමාශාලාව පිටුපස ඉදි කරමින් තිබූ හෝටල් සංකීර්ණයක කොටසක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලැබුවා.

එමෙන්ම මීගමුව - පෙරියමුල්ල - ඇලපාරේ ඉදිකෙරෙමින් පවතින හෝටල් ගොඩනැගිල්ලක කොටසක් ද පසුගිය අගෝස්තු 17 වනදා කඩා වැටුණු අතර, ඊට යටවීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලැබුවා.




ඡායාරූප - හබරාදුව නිමල් අල්ගෙවත්ත

Monday, September 18, 2017 12:40 PM
.............................................................................

ගොඩනැගිල්ලක් කඩා වැටී අහංගම නොසන්සුන්

අහංගම - පැලැස්සගම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම ස්ථානයේ තට්ටු පහකින් සමන්විත හෝටලයක් ඉදිකරමින් පවතින අතර, එහි කොටසක් අද පෙරවරුවේ මෙලෙස කඩාවැටී ඇති බවයි.

එම අවස්ථාවේදී එහි සිටි පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories