මුලතිව් පාසලක් තුළ පුද්ගලයෙක් ගෙල වැලලා ගනී (ඡායාරූප)

Monday, 18 September 2017 - 12:27

%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මුලතිව් පුදුකුඩිඉරිප්පු රෝමානු කතෝලික පාසලේ පංතිකාමරයක් තුළ වයෝවෘද්ද පුද්ගලයෙකු ඊයේ (17) සවස ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා.

රෝමානු කතෝලික පාසලේ ඉදිකොට ඇති තාවකාලික පංතිකාමරයක් තුළ මෙම වයෝවෘද්ද පුද්ගලයා ගෙලවැලලාගෙන  ඇති අතර පසුව පාසලේ ආරක්ෂකයෙකු ඒ බව දැක පුදුකුඩිඉරිප්පු පොලිසියට ඒ බව දැනුම් දී තිබෙනවා.

පසුව මුලතිව් පොලිසිය අදලා ස්ථානයට පැමිණ සියදිවිහානිකරගෙන ඇති පුද්ගලයා හඳුනාගෙන ඇති අතර එම පුද්ගලයා පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කුමාරසාමි ඉරාසලිංගම් නැමත්තෙක් බව හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම මෙම පුද්ගලයා පාසලේ රාජකාරි කරන පුද්ගලයෙකු නොවන අතර ඔහු පාසලට පැමිණ මෙලෙස සියදිවි හානිකරගන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.

මෙම පුද්ගලයා සියදිවිහානි කරගැනීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.