විදුලි වර්ජනය තවදුරටත් - තීරණාත්මක සාකච්ජා දෙකක් පස්වරුවේ

Monday, 18 September 2017 - 13:52

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A
විදුලිබල සේවකයන් ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ජා දෙකක් අද පැවැත්වෙනවා.

ඉන් එක් සාකච්ජාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඊට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම් ඇතුළු විදුලිබල මණ්ඩල නිලධාරීන් එක්වීමට නියමිතයි.

එමෙන්ම පස්වරු 2.30 ට කම්කරු, වෘත්තිය සමිති සබඳතා හා සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, වර්ජනයට එක්ව සිටින විදුලිබල වෘත්තිය සමිති වෙත සාකච්ඡාවක්ද ලබාදී තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලනාධිකාරිය වෙත වැටුප් ගෙවීමේදී බරපතල මුල්‍ය අක්‍රමිකතාවක් සිදුවන බව පවසමින් විදුලි සේවකයන් ආරම්භ කළ වර්ජනය අද 06 වන දිනටත් ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේ සිට මේ දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විදුලිය විසන්ධිවීම් වාර්තා වුණා.  

කෙසේ වෙතත් තම ඉල්ලීම් වලට නිසි විසදුම් ලැබෙනතුරු මෙම වර්ජනය සිදු කරන බවයි විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් කියා සිටියේ.

එමෙන්ම විදුලි සිවිල් හා යාන්ත්‍රික අධිකාරීවරුන් සහ අභ්‍යන්තර උසස්වීම් ලද විදුලි ඉංජිනේරුවරුන්ද ඒකාබද්ධ විදුලි සේවාව විධිමත්ව ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.