පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අධිකරණයට භාරවෙයි

Monday, 18 September 2017 - 14:05

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අධිකරණයේ  පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක නීතීඥයෙකු මාර්ගයෙන් අද දහවල් අධිකරණය වෙත භාරවී තිබෙනවා.

ඒ අනුව වරෙන්තුව යළි කැඳවීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාමිණී විජේබණ්ඩාර නියෝග කළේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මෙරටට පැමිණි අවස්ථාවේදී මහජන පීඩාවක් ඇතිවන අයුරින් විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් වන නඩුවට පෙනී නොසිටීම හේතුවෙනුයි වීරකුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අද උදෑසන අතිරේක මහේස්ත්‍රාත්වරිය වරෙන්තු නිකුත් කළේ.