ඉන්දියාව සහ චීනය අතර ජල අර්බුදයක්

Monday, 18 September 2017 - 15:27

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බ්‍රහ්මපුත්‍ර නදියේ ජල සම්පත සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය අතර නව රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් පැන නැගී තිබෙනවා.

ආසියාකරයේ ප්‍රධානතම ගංඟාවක් වන බ්‍රහ්මපුත්‍ර නදිය චීනයට අයත් ටිබෙටයෙන් ආරම්භ වන අතර, ඉන්දියාව සහ බංග්ලාදේශය හරහා බෙංගාලබොක්කට ගලා බසිනවා.

මෙම ගංඟාවේ ජල තත්ත්වය සම්බන්ධයෙන් චීනය ඉහළ ගංඟා ධාරායේ පරීක්ෂාවන් සිදුකරන අතර, එම තොරතුරු තමන්ට නොලැබෙන බවයි ඉන්දියාව පවසන්නේ.

ජල පරීක්ෂණ මධ්‍යස්ථානවල තත්ත්වය ඉහළ නංවා ඇති අතර එම තොරතුරු හුවමාරු කර ගත නොහැකි බව චීනය ඊට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

එහෙත් චීනය එම තොරතුරු ගංඟා ධාරය පහළ පිහිටි බංග්ලාදේශය සමඟ තවදුරටත් හුවමාරු කර ගන්නා බව සඳහන්.

මෙම අර්බුදය පැන නැගී ඇත්තේ චීනය සහ ඉන්දියාව අතර හිමාල දේශසීමා ප්‍රදේශයේ පැවැති අර්බුදය නිමවී කෙටි කලක් ඇතුළතයි.