බලංගොඩ - ඇල්ලෙපොළ ප්‍රදේශයේ අනතුරකින් කාන්තාවක් මරුට

Monday, 18 September 2017 - 15:52

%E0%B6%B6%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+-+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කොළඹ - බදුල්ල මාර්ගයේ බලංගොඩ - ඇල්ලපොළ ප්‍රදේශයේදී අද දහවල් සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තවත් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම කාන්තාවන් දෙදෙනා මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී මෝටර් රථයක් ඔවුන් යට කර, මාර්ගයෙන් ඉවතට පැන ඇති බවයි.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ඇල්ලෙපොළ ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි එක් දරු මවක්.

මෝටර් රථයේ රියදුරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.