කඩා වැටුන අහංගම 5මහල් ගොඩනැගිල්ලේ රහසක් හෙළිවෙයි (ඡායාරූප)

Monday, 18 September 2017 - 16:20

%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B1+%E0%B6%85%E0%B7%84%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+5%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අහංගම- පෑලැස්සගම කඩා වැටුන 5 මහල් ගොඩනැගිල්ලේ මහල් 3ක් ඉදි කිරීම පමණක් අවසර ගෙන ඇති බව අනාවරණ වී තිබෙනවා.

අහංගම, පෑලැස්සගම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මහල් 5කින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබු අතර අද(18) පෙරවරු  9.55 -10.00 අතර මෙය සිදු වුනා.

අදාල ගොඩනැගිල්ලේ වැඩ කටයුතු සදහා කම්බි සකසමින් සිටි පුද්ගලයින් මෙසේ තුවාල ලැබුවා.

ගොඩනැගිල්ල කඩා වැටුණු අවස්ථා වේ දී සුළු කාලයක් ඇතුලත පුද්ගලයින් 05 දෙනෙකු බේරාගෙන කරාපිටිය රෝහලට ඇතුලත් කර අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

ඔවුන්ට අමතරව කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි අනෙක් පුද්ගලයා බේරා ගැනීම සදහා අහංගම පොලීසිය, හමුදාව සහ ගිනි  නිවන ඒකකය එක්ව බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් සුන්බුන් ඉවත් කිරීමෙන් පසුව ඔහු බේරා ගත්තේ දහවල් 12.30 පමණයි.

ඔහුගේ පාදයක් කොන්ක්‍රීට් එකට යට වී තිබුණු අතර එය කැපීමෙන් පසු ඔහු මුදා ගෙන තිබෙනවා.

ඔහු ද මුදා ගැනීමෙන් පසු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කරන ලදී. කෙසේ නමුත් ඔහුගේ එක්පාදයකට දරුණු ලෙස තුවාල සිදු වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මෙසේ පැය කිහිපයක මෙහෙයුමකින් බේරාගනු ලැබ ඇත්තේ අදාල ගොඩනැගිල්ලේ කම්බි බදිමින් සිටි අගුළුගහ ප්‍ර දේශයේ පදිංචි වයස අවුරුදු 32 පමණ වන කේ. අජන්ත නැමැත්තෙක්.

මෙම ගොඩනැගිල්ල පහල මාලයේ නවතා තිබු රථ වාහන , යතුරු පැදි සියල්ල ගොඩැනිගිල්ලට යට වී තිබෙනවා.

සංචාරක හෝටලයක් සඳහා ඉදිකරමින් පැවැති අදාළ පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීම සම්බන්ධයෙන් අහංගම පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විමසීමේ දී ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ කර්නල් දම්පත් රත්නායක මෙසේ පැවසුවා.

"මේ ගොඩනැගිල්ලට 2014 දී හබරාදුව ප්‍රා දේශීය සභාව අනුමැතිය දීලා තියෙන්නේ තට්ටු 03 ක් සදහා පමණයි. නමුත් මෙය තට්ටු 05 ක ගිහින් තියනවා. ඒකත් ප්‍රමිතියකින් තොරව ඉදිකිරීමත් නිසා මෙය සිදුවන්නට ඇති බවට විශ්වාස කරනවා."







(ඡායාරූප - නිමල් අල්ගෙවත්ත)