ඇමරිකානු බෝම්බ ප්‍රහාරක යානා යයි - කොරියානු අර්ධද්වීපයේ යුද අභ්‍යාස පෙළක්

Monday, 18 September 2017 - 18:01

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%83+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%9A%E0%B7%8A

න්‍යෂ්ටික අර්බුදය මුල් කරගෙන ඇති වී තිබෙන උණුසුම් වාතාවරණය හේතුවෙන් ඇමරිකානු බෝම්බ ප්‍රහාරක යානා මේ වන විට කොරියානු අර්ධද්වීපයේ යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා රේඩාර් තීරයන්ට හසු නොවන ප්‍රහාරක යානා ගුවාම් දිවයිනේ සහ ජපානයේ ඇමරිකානු කඳවුරුවලින් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රුසියාව සහ චීනය ද කොරියානු අර්ධද්වීපය සමීපයේ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් ද ආරම්භ කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරය හෙට ආරම්භ වන අතර, එහිදී කොරියානු අර්ධද්වීපය පිළිබදව විශේෂ අවධානයක් යොමු වනු ඇති.   

rn