Update : සාකච්ඡා අසාර්ථකයි, විදුලි සේවක වැඩ වර්ජනය අඛණ්ඩව තවදුරටත් - වෘත්තීය සමිති

Monday, 18 September 2017 - 19:18

Update+%3A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92
විදුලි සේවක වෘත්තීය සමිති ආරම්භ කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බව වෘත්තීය සමිති ප්‍රකාශ කරනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසුවේ කම්කරු අමාත්‍යවරයා සමග අද පස්වරුවේ පැවැති සාකච්ඡා ද විසඳුමකින් තොරව අවසන් වූ බවයි.

වැටුප් විශමතා ඉවත් කිරීම, වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානය වැඩ වර්ජනයක් ආරම්භ කළේ පසුගිය 13 වැනිදායි.

වර්ජනයත් සමග ප්‍රදේශ කිහිපයකින් විදුලිය බිඳ වැටීම් වාර්තා වූ අතර, අමාත්‍යාංශය සදහන් කළේ ඉන් බොහොමයක් සිදුවීම් කඩාකප්පල්කාරී සිදුවීම් බවයි.

අම්පාර, උහන - කුමාරිගම ප්‍රදේශයට පසුගිය 13 වැනිදා විදුලිය විසන්ධි වි ඇති අතර, අප වාර්තාකරු පැවසුවේ අද පස්වරුව දක්වාම විදුලිබලය යළි යථා තත්ත්වයට පත්ව නොතිබූ බවයි.

ඒ හේතුවෙන් ගොවිතැනින් ජීවත් වන ජනතාව වි කෙටීම ඇතුළු දෛනික කටයුතු කර ගැනීමේදී දැඩි දුෂ්කරතාවයට පත්ව සිටියා.

අම්පාර - උහන තිස්ස පුර ප්‍රදේශයට ද පසුගිය දින 6 ක කාලය තිස්සේ විදුලිය නොතිබූ බවට ප්‍ර දේශවාසීන් චෝදනා කරනවා.

කෙසේ වෙතත්, අද පස්වරුවේ විදුලිය යළි ලබාදීම සදහා විදුලිබල නිලධාරින් කටයුතු කරනු දක්නට ලැබුණා.

අගලවත්ත - මුලටියන්ගොඩ ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆෝමරයක විලායක කිසියම් පුද්ගලයෙක් විසින් ගලවාගෙන යෑම හේතුවෙන් පෙරේදා රාත්‍රියේ සිට එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී තිබූ අතර, එය යථා තත්ත්වයට පත්වූයේ අද දහවල්.

පදියතලාව නගරය ඇතුළු ගම්මාන රැසකට දින 3 ක කාලයක් විදුලිය විසන්ධි වි තිබූ අතර, ඒ හේතුවෙන් නගරයේ බොහෝ වෙළෙඳැසැල්වල ශීතකරණවල බහා තිබූ ආහාර නරක් වී තිබුණා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ නගරයේ ජල සැපයුමද විදුලිය නොමැති කම හේතුවෙන් පසුගිය දින දෙක පුරා නිසි පරිදි නොලැබුණු බවයි.

පුත්තලම - කොට්ටුකච්චිටය, බෝගහයාය, දංගහවල, කන්දෙයාය, කිවුල්කටුව ඇතුළු ප්‍රදේශ කිහිපයක ද ඊයේ විදුලිය බිද වැටුණු අතර, එම කටයුතු ඊයේ රාත්‍රියේම යථා තත්ත්වයට පත් කරන්නට විදුලිබල මණ්ඩල නිලධාරීන් කටයුතු කළා.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ නියෝජිතයන් පිරිසක් අද දහවල් අරලියගහ මන්දිරයේදි අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක මහතා සමග සාකච්ඡාවක නිරත වුණා.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ගම්පහ පැවැති වැඩසටහනකින් අනතුරුව අද පෙරවරුවේ මාධ්‍යයට අදහස් පළ කළේ මෙලෙසයි.

- රංජන් ජයලාල් - කැඳවුම්කරු - ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය

- අපි කියනවා මේ වැඩ වර්ජනය අඛණ්ඩව යනවා ආණ්ඩුව කියනවා වර්ජනයෙන් රටට දැනුණේ නැහැ කියලා. එහෙම කියන ගමන් ඒ ගොල්ලෝ අපි දැක්කා 14 වැනිදා කියනවා අනියම් සහ කොන්ත්‍රාත් සේවකයින් වහාම සේවයට වාර්තා කරන්න කියලා. කිසිම සේවකයෙක් සේවයට වාර්තා කළේ නැහැ. සේවය අතහැර ගියා සේ සලකනවා කියලා ඉතාමත් පැහැදිලිව කිව්වා. ඒවා නොසලකා හරිමින් ඒ ගොල්ලෝ තමන්ගේ සටන් බිමේ රැදී සිටියා. 15 වැනිදා කිව්වා සියලුම විශ්‍රාමික සේවකයින්ට සේවයට වාර්තා කරන්න කියලා. එක් විශ්‍රාමිකයෙක් ආවේ නැහැ. හැබැයි ඊයේ එස්.එම්.එස්. එකක් එවනවා වර්ජිත දින දෙකහමාර නිවාඩු අනුමත කරනවා වැටුප් ගෙවනවා අද සේවයට වාර්තා කරන්න. අපි අභියෝග කරනවා ආණ්ඩුවට අද කිසිම සේවකයෙක් විදුලිබල මණ්ඩලයේ සේවයට වාර්තා කළේ නැහැ. ඒ නිසා අරලියගහ මන්දිරය ඇතුලේ හොරකම නීත්‍යනුකූල කරන තීන්දු තීරණ ගන්න එපා. එහෙම කළොත් තත්ත්වය බරපතළ වෙයි. වැටුප් වැඩිවීමක් නෙමෙයි තියෙන්නේ හොරකමක්. මේ හොරකමට දඩුවම් දෙන්න අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවුවොත් අපි ආණ්ඩුවට කියනවා අපි අත්‍යව්‍ය සේවා නියෝග කඩනවා. ආණ්ඩුවට පුළුවන් අපිව හිර ගෙවල්වලට දාලා මේ ප්‍රශ්නය විසදාගන්න. ඒ නිසා හිර ගෙවල්වල දැම්මත් නීතිය අපි කඩනවා රටේ සියලු ජනතාවට අපි කියනවා  මොනව නිසාවෙන්වත් මේ වර්ජනය නිසා ජනතාව අදුරේ තියන්න අපි කටයුතු කළේ නැහැ. හැබැයි මණ්ඩලයේ පාලනාධිකාරිය මෙහෙයවන පුද්ගලයෝ රට පුරා විදුලිය විසන්ධි කිරිම්වල නියැලෙමින් විදුලි පද්ධතියට හානි කරමින් වැඩ කටයුතු කරමින් ඉන්නවා. පෙරළා එම චෝදනාව වර්ජකයින් මත මුදා හරිමින් තිබෙනවා. ජනතාවට කියනවා ඔබේ ගමේ ප්‍රදේශයේ විදුලි පද්ධති හානියක් කළොත් කවුරුහරි ඔවුන් අත්අඩංගුවට ගෙන වහාම නීතිය ක්‍රියාත්මක කිරීම සදහා පොලිසියට භාරදෙන්න කියලා.

මේ අතර, විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමයද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් සදහන් කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනයට සහය පළ කරන බවයි.

- අජිත් මුණසිංහ - සභාපති - විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය

- තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය හැටියට අපි මේ වනතුරු මේ වැඩ වර්ජනයට සහභාගී වුණේ නැහැ. නමුත් අපි තීරණය කරනවා පැය 48 ක සංකේත වැඩ වර්ජනයකින් අපි ආරම්භ කරනවා. විසදුමක් ලැබෙන්නේ නැත්නම් එය අඛණ්ඩ වර්ජනයක් බවට පත්විය හැකියි. අපි 1500 කට ආසන්න
සාමාජිකත්වයක් නියෝජනය කරන වෘත්තීය සංගමයක්. ඒ අය අද මධ්‍යම රාත්‍රි 12 න් පසු ඒ සේවා ස්ථානවලින් ඉවත් වෙනවා. අපිව ස්ථානගත කළ යුතු නිසි වැටුප් තලයක් තියෙනවා. ඒක නිවැරදි කරලා පවත්වාගත යුතුයි.

මේ අතර, කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා සහ විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ නියෝජිතයන් අතර අද දහවල් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසුවේ විදුලිබල පද්ධතියේ කිසිදු බිඳ වැටීමකින් තොරව පවත්වාගැනිම සදහා දැනට රාජකාරියේ නිරත ඉංජිනේරුවන් සහ විදුලි සේවකයන් ප්‍රමාණවත් බවයි.

- සෞම්‍ය කුමාරවඩු - සභාපති - ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය

- විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියා කියන්නේ අවුරුදු 40 ක් පරිනත ඉංජිනේරුවෙක්. විදුලිබල මණ්ඩලයේ අපි වගේ. සියලුම බලාගාරවල සියලුම ස්ථානවල සේවය කරලා උඩට ආපු අපේ ඉන්න ජ්‍යෙෂ්ඨම ඉංජිනේරුවා. එයා තමයි මේ 20,000 ක් වැඩ කරන ඉංජිනේරුවන් 1000 ක් විතර වැඩ කරන අපේ අධිකාරියේ 1500 ක් විතර වැඩ කරන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා. එයාගේ පඩිය ගැන කියමින් ඉංජිනේරුවන් ඔක්කොටම ඒක ලැබෙනවා කියන එක වැරදි අර්ථකතනයක්. ඉංජිනේරුවෙක් ගන්නේ එළියේ ඉන්න සියලුම ඉංජිනේරුවන් ගන්න පඩිය. ඒක නොමග යැවීමක්. ඊට පස්සේ ඒ ප්‍රධාන විධායක නිලධාරියාගේ පඩියෙන් ප්‍රතිශයත් අරගෙන හදලා මෙන්න මේ වගේ ගාණක් ඒ ගොල්ලන්ට අරන් දෙනවා කිව්වා. එ ගොල්ලෝ හරි සංවේදීයි සල්ලිවලට හැමෝම හරි කැමතියිනේ. ඉතිං ඒක ගන්න පුළුවන් කියලා හිතාගෙන මේ කණ්ඩායම පස්සෙන් මේ ගොල්ලෝ යනවා. එළියට ගියාම පස්සේ මේ ගොල්ලෝ ඇතුළට එන්න දෙන්නේ නැහැ. ට්‍රැක් කරනවා. ඒ ගොල්ලන්ට තර්ජනය කරනවා දැන් ආයිත් ගියොත් අපි ඕ ගොල්ලෝ වෙනුවෙන් බලා ගන්නේ නැහැ. ඒ ගොල්ලන්ගේ නිවාඩුවට මොකද වෙන්නේ කියලා. බලාගාර පිළිබදව කිසිම ප්‍රශ්නයක් නැහැ. තව අවුරුද්දක් වුණත් බලාගාරවල සම්ප්‍රේෂණ පද්ධතිය අපේ මේ ඉන්න සේවකයෝ ඉන්න පිරිසෙන් අපිට පවත්වාගෙන යන්න පුළුවන්. වැසි දිනවල තැන් තැන්වල වන බිද වැටීම් කරන්න අපිට සේවකයෝ ටිකක් අඩු වුණාම අපහසුයි. එච්චරයි.






Update : Monday, September 18, 2017 20.59
------------------------------------------------------


වැඩ වර්ජනයේ නිරත විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න අතර අද පස්වරුවේ ආරම්භ වූ සාකච්ඡාව තවදුරටත් දීර්ඝ වී තිබෙනවා.

ඒ, අදාළ සාකච්ඡාවේ පළමු වටය විසඳුමකින් තොරව අවසන්වීම හේතුවෙන්.

මේ නිසා විදුලි ඉංජිනේරු සංගමය ද හදිසියේ මෙම සාකච්ඡාවට කැදවීම සඳහා කම්කරු හා වෘත්තීය සමිති සබදතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න තීරණය කර තිබෙනවා.

විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සාකච්ඡා සිදුකළ ද වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බවයි.

විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලනාධිකාරිය වෙත වැටුප් ගෙවීමේදී බරපතල මුල්‍ය අක්‍රමිකතාවක් සිදුවන බව පවසමින් විදුලි සේවකයන් ආරම්භ කළ වර්ජනය අද 06 වන දිනටත් ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේ සිට මේ දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විදුලිය විසන්ධිවීම් වාර්තා වුණා. අම්පාර, කළුතර, පුත්තලම, මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක විදුලි බිඳ වැටීම් වාර්තා වනවා.

මේ අතර, විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය ද අද දහවල් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

එහි සභාපති අජිත් මුණසිංහ කියා සිටියේ විසඳුමක් නොලැබුණහොත් 1500කට ආසන්න සිය සාමාජිකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයට එක්වන බවයි.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ නියෝජිතයින් පිරිසක් අද දහවල් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක හමුවී වර්ජනය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක නිරත වුණා.