ජනපති හෙට මහා මණ්ඩල සැසි වාරය අමතයි

Monday, 18 September 2017 - 19:55

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතීන්ගේ 72 වන මහා මණ්ඩල සැසි වාරය හෙට ආරම්භ වන අතර, එහි සමාරම්භක දිනයේදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සභා වාරය ඇමතීමට නියමිතයි.

ජනතාව කෙරෙහි අවධානය යොමු කිරීම, ධරණීය ලොවක සැමට සාමය සහ යහපත් දිවියක් ලබාදීම සඳහා වෙහෙසීම මෙවර මහා මණ්ඩල සැසි වාරයේ තේමාවයි.

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රථම වරට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතන ආරම්භක සැසියට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගිවීමට නියමිතයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතන්නේ හෙට පස්වරුවේදියි.

ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව 3 වන වරටත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම සඳහා දිවයිනෙන් නික්මුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස නිව්යෝක් නුවර ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපළට අද උදෑසන ළඟා වුණා.