Update : අර්ජුන මහේන්ද්‍රන් ජනාධිපති බැඳුම්කර කොමිසමට

Tuesday, 19 September 2017 - 7:32

Update+%3A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ජනාධිපති බැඳුම්කර කොමිසම වෙත පැමිණ තිබෙනවා.

ඔහුගෙන් සාක්ෂි විමසීම සඳහා සිදුකළ කැදවීමකට අනුව අද මෙලෙස බැඳුම්කර කොමිසම වෙත පැමිණියා.

පසුගිය 13 වන දා බැඳුම්කර කොමිසම අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් සාක්ෂි විමසීමට තීරණය කළා.

ඒ අනුවයි ඔහුට සිතාසි නිකුත් කිරීමට කොමිසම තීරණය කළේ.

මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ සාක්ෂි අත්‍යවශ්‍ය වන බව ද කොමිසම දැනුම් දුන්නා.

කෙසේ නමුත්, අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ගෙන් සාක්ෂි විමසීම සඳහා කොමිසමට කැඳවූ අවස්ථාවේදී ඔහුගේ නීතිඥයන් කියා සිටියේ සිය සේවාදායකයා සාක්ෂි ලබාදීමට නොකමැති බවයි.

ඒ සඳහා තීරණයක් ගැනීමේ අවස්ථාව කොමිසම විසින් අර්ජුන් ඇලෝසියස්ට ලබාදුන් අතර ඒ අනුව ඔහු බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබානොදීමට තීරණය කළා.

Update : Tuesday, September 19, 2017 10.11
--------------------------------------------------------

මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අද ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

ඒ, ඔහුගෙන් සාක්ෂි විමසීම සඳහා සිදුකළ කැදවීමකට අනුවයි.

පසුගිය 13 වන දා බැඳුම්කර කොමිසම අර්ජුන මහේන්ද්‍රන්ගෙන් සාක්ෂි විමසීමට තීරණය කළා.