එක්සත් ජාතීන්ගේ 72 වන මහා මණ්ඩල සැසි වාරය ජනපති අද අමතයි

Tuesday, 19 September 2017 - 7:49

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+72+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතීන්ගේ 72 වන මහා මණ්ඩල සැසි වාරය අද ආරම්භ වන අතර, ඊට සමගාමීව සංවිධාන කෙරුණු එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සභාවේ සැසිය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගි වී තිබෙනවා.

නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ පැවැති මෙම සැසියට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු රාජ්‍ය නායකයින් ඊට සහභාගි වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ලෝක රාජ්‍යයන්ගේ සාමුහික සංවිධානය වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරි ගමන කෙසේ විය යුතු ද යන්න මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

මේ අතර, එක්සත් ජාතීන්ගේ 72 වන මහා මණ්ඩල සැසි වාරයේ සමාරම්භක දිනය වන අද දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සභා වාරය ඇමතීමට නියමිතයි.

‘‘ජනතාව කෙරෙහි අවධානය යොමු කිරීම, ධරණීය ලොවක සැමට සාමය සහ යහපත් දිවියක් ලබාදීම සඳහා වෙහෙසීම’’ මෙවර මහා මණ්ඩල සැසි වාරයේ තේමාවයි.

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රථම වරට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතන ආරම්භක සැසියට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගිවීමට නියමිතයි.