ශ්‍රී ලංකාවට පැමිණි රොහින්ග්‍යාවරුන් ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

Tuesday, 19 September 2017 - 9:32

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%BB%E0%B7%9C%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
සරණාගතයින් පිළිබඳව කටයුතු කිරීමේදී රජය විසින් අනුමත නීති රීති රාමුව තුළ සහ නිශ්චිත ක්‍රියා පටිපාටියකින් බැහැරව කිසිසේත්ම ක්‍රියා කොට නොමැති බව අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා.

මියන්මාර සරණාගතයින් හේතුවෙන් මෙරට ඇති වී ඇති ගැටළුමය තත්වය පිළිබදව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය මේ බව සදහන් කළා.

රොහින්ග්‍යා සරණාගතයින් පිළිබදව පසුගිය දින කිහිපය පුරාම විවිධ වාර්තා සහ විරෝධතා ද පැවැත්වුණා.

පසුගිය අප්‍රේල් 30 වන දා 30 ශ්‍රී ලංකාවට ආසන්නයේ අනතුරට පත් යාත්‍රාවක රොහින්ග්‍යා වැසියන් 30 දෙනෙකු සිටි අතර ඔවුන් නාවික හමුදාව විසින් බේරාගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඉන් අනතුරුවයි ඔවුන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද මහකොමසාරිස් කාර්යාලය වෙත භාර දෙනු ලැබුවේ.

මීට පෙර ද අවස්ථා කිහිපයකදී එලෙස රොහින්ග්‍යා වැසියන් නාවික හමුදාව විසින් බේරා ගත් අතර ඔවුන් ද පෙර පරිදිම මහකොමසාරිස් කාර්යාලය වෙත භාර දුන් බවයි අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.