ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වී 4 දෙනෙකු රෝහල් ගත කෙරේ (ඡායාරූප)

Tuesday, 19 September 2017 - 10:55

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොළඹ - හැටන් ප්‍රධාන මාර්ගයේ වටවල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථය රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිව වට කිහිපයක් පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

තුවාල ලැබූ 4 දෙනා කොළඹ සහ වටවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් මේ වන විට වටවල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබනවා.



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ