විස්ස, මධ්‍යම පළාත් සභාව තුල සම්මත වෙයි

Tuesday, 19 September 2017 - 11:13

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%2C+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මධ්‍යම පළාත් සභාව තුල වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

මෙයට පක්ෂව ඡන්ද 40ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 09ක් පමණක් බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරුන් දෙදෙනෙකු කෙටුම්පතට ඡන්දය ලබාදීමෙන් වැලකී සිටි බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

මෙම පනත් කෙටුම්පත බස්නාහිර, සබරගමුව, වයඹ, නැගෙනහිර, උතුරුමැද පළාත් සභාවලදී මේ වන විට සම්මත වී තිබෙනවා.

කෙසේ වෙතත් එය ඌව සහ දකුණු පළාත් සභාවලදී පරාජයට පත්වූ අතර, උතුරු පළාත් සභාව ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැහැ.

පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා විසින් අද ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතයි.