වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී ඉවතට

Tuesday, 19 September 2017 - 12:28

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී නිර්මලී තේනුවර එම තනතුරෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරන්ත විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර වෙත දැනුම් දී ඇත්තේ ඇය කොළඹ ජාතික රෝහලට අනුයුක්ත කරන ලෙසයි.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන් 19 දෙනෙකුගේ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ එම වෛද්‍යවරුන් අතර පැවැත්වුනා.

එහිදී අදාල වෛද්‍ය නිලධාරිනිය විසින් සිදුකළ බවට සඳහන් වූ විෂමාචාර 26 ක් සම්බන්ධ වාර්තාවක් අදාළ වෛද්‍යවරුන් විසින් අමාත්‍යවරයා වෙත භාරදී තිබෙනවා.

ඔවුන් එහිදී අමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් සිදුකරන ලෙසටයි.

මේ අතර වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී නිර්මලී තේනුවර එම තනතුරෙන් ඉවත් කිරීමත් සමඟ පුරප්පාඩු වන එම තනතුර සඳහා වෛද්‍ය ජේ කේ මල්වත්තගේ මහතා පත්කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එහිදී වැඩිදුරටත් බලධාරීන් වෙත නියෝගකර ඇත්තේ මෙම රෝහලේ වෛද්‍යවරුන් පිළිබඳව මීට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදුකළ විමර්ශනයේ වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙසයි.


දියණිය ඝාතනය කළ පියාට මරණ දඩුවම
Tuesday, 04 August 2020 - 19:05

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල... Read More

අල්ලස් ලබා ගත් ප්‍රාදේශීය සභා කාර්යාල සහායකවරයෙකුට සිරදඬුවම්
Tuesday, 04 August 2020 - 18:58

ඉඩමක් පවරා ගැනීම සඳහා ලිපියක් සකස් කරදීමට රුපියල් 2000 ක අල්ලස්... Read More

දඹුල්ලේ සම්භාහන මධ්‍යස්ථාන දෙකක් වටලයි
Tuesday, 04 August 2020 - 18:53

කොවිඩ් වසංගතය හේතුවෙන් සම්භාහන මධ්‍යස්ථාන සඳහා අවසර ලබාදී... Read More