විස්ස ව්‍යවස්ථාවට පටහැනියි - තුනෙන් දෙක සමග ජනමත විචාරණයකුත් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

Tuesday, 19 September 2017 - 13:14

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%A7%E0%B7%84%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
20 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට අනුකුල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක කරු ජයසුරිය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බවයි කථානායකවරයා එහිදී ප්‍රකාශ කළේ.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇත්තේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති ජනතා පරමාධිත්‍ය ක්‍රියාත්මක කිරිමට අදාල තුන්වන සහ හතරවන ව්‍යවස්ථා සහ තවත් ව්‍යවස්ථා කිහිපයක් සමග නොගැලපෙන බවයි.

නව පනත් කෙටුම්පතේ දෙවන වගන්තිය වන්නේ පළාත් සභා ජන්ද විමසීම එකම දිනයක පැවැත්විය යුතු බව සහ සියලූ පළාත් සභා විසුරුවා හරින දිනය පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලැබිය යුතු බවයි.

එසේම නිශ්චිත දිනයට පෙර අවසන් වන පළාත් සභාවක නිල කාලය යම් නිශ්චිත දිනයක් තෙක් දීර්ඝ කිරීම සහ එම දිනය ඉක්මවමින් ක්‍රියාත්මක වන පළාත් සභාවක නිල කාලය අදාළ නිශ්චිත දිනයේදි අවසන් කිරීම පිළිබඳව තුන්වන වගන්තියේ දැක්වෙනවා.

යම් හේතුවක් නිසා පලාත් සභාවක් විසුරුවා හැරි විට එම පලාත් සභාවේ බලතල නිශ්චිත දිනය තෙක් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලැබිය යුතු බව පනත් කෙටුම් පතේ සිව්වන වගන්තියයි.

කථානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ මතයට අනුව එම වගන්ති 03 ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකුල වන්නේ නැහැ.

මේ අතර විසිවන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට අනුකුල නොවන බවට වු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දිමත් සමග ප්‍රදේශ කිහිපයක ජනතාව ඊට සතුට පලකරමින් රතිඤ්ඤ දල්වා තිබෙනවා.

අම්පාර, මාතර, ඇඹිලිපිටිය සහ හම්බන්තොට ආදි ප්‍රදේශවල ජනතාව එලෙස සතුට පළ කළ බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද පස්වරුවේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මුණ ගැසී තිබුණා.