පිටිගල පොලිස් සිරමැදිරිය තුළ සිරකරුවෙකු මියයෑම ගැන පරිෂණයක්

Tuesday, 19 September 2017 - 13:45

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%91%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බිරිඳට පහරදීමේ චෝදනාව මත පිටිගල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් සිර මැදිරිය තුළ මියයාමේ සිද්ධියක් පිළිබඳව පොලිස් මූලස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අද දහවල් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ පිටිගල - මාරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.

සිරමැදිරියේ රඳවා සිටියදී මොහු මියගොස් ඇති අතර, පොලිසිය සැක කරන්නේ මෙම පුද්ගලයා සියදිවි හානිකර ගැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

කෙසේ වෙතත්, පොලිස්පතිවරයා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට උපදෙස් ලබාදී ඇති අතර, අනතුරුව පිටිගල පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝග කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.