අරුන්දික ප්‍රනාන්දු විපක්ෂයේ අසුන් ගනී

Tuesday, 19 September 2017 - 14:31

%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
පලාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේදි පැවත්විම සුදුසු බවට පක්ෂ නායකයින් ගත් තීරණය මැතිවරණ කොමිසම වෙත දැනුම් දි ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා.

එහිදි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ජනවාරි මාසයේ දි පලාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති බවයි.

එසේම පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබු පාර්ලිමේන්තු මන්ත්‍රි අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරිමෙන් අනතුරුව සභා ගර්භය මැදින් අනෙක් පසට ගොස් විපක්ෂයේ අසුන් ගත්තා.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටද වැඳ ආචාර කිරීමෙන් අනතුරුවයි.

පසුව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පළාත් සභා ජන්ද විමසීමේ සංශෝධන පනත පිළිබඳව ආණ්ඩුවට ප්‍රශ්නයක් යොමු කළා.  

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම සහ නාමල් රාජපක්ෂ එම සංවාදයට මැදිහත්වෙමින් අදහස් පළ කළා.