සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් දේවාල 27ක කන්නලව්

Tuesday, 19 September 2017 - 14:36

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+27%E0%B6%9A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BD%E0%B7%80%E0%B7%8A
වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අද කතරගම - මහා දේවාලය, දෙවුන්දර විෂ්ණු දේවාලය, මෝදර කාලි මෑණියන්ගේ කෝවිල සහ යාපනය - නල්ලූර් කෝවිල ඇතුළු ස්ථාන 27කදී දේව කන්නලව්වක නිරත වුණා.

එම සංගමයේ විධායක කමිටු සාමාජික වසන්ත අල්විස් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් මෙම දේව කන්නලව්ව සිදුකළ බවයි.