අද සාකච්ඡාවත් අසාර්ථකයි - හෙට වර්ජනයට යන බව දුම්රිය වෘත්තිය සමිති කියයි

Tuesday, 19 September 2017 - 16:00

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වැටුප් කොමිසමේ සභාපතිවරයා සමග අද පැවති සාකච්ඡාවද අසාර්ථකවීම හේතුවෙන් හෙට මධ්‍යම රාත්‍රියේ දියත් කිරීමට නියමිතව තිබූ වර්ජනය එලෙසම ක්‍රියාත්මක කරන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

වැටුප් විෂමතා ඇතුළු ගැටලූ කිහිපයකට බලධාරීන්ගෙන් ප්‍රතිචාරයක් නොමැතිවීම හේතුවෙන් මෙම වර්ජනය සිදුකරන බවයි එම සන්ධානය ප්‍රකාශ කළේ.

දුම්රිය රියදුරන් / ස්ථානාධිපතිවරුන් / දුම්රිය නියාමකවරුන් සහ දුම්රිය පාලකවරුන් ද වර්ජනයට එක්වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48 ක සංකේත වර්ජනයක් සිදුකරන බවයි දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය නිවේදනය කළේ.