පාසල් ළමුන් උද්ඝෝෂණවලට යොදා ගන්නා පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර

Tuesday, 19 September 2017 - 16:45

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
පාසල් කාලය තුල පාසල් දරුවන් උද්ඝෝෂණවලට සම්බන්ධ කර ගන්නා පාර්ශවවලට එරෙහිව දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එවැනි අවස්ථාවන් විදුහල්පතිවරයාට පාලනය කර ගැනීමට නොහැකි වන්නේ නම් ඊට පොලිස් සහය ලබාගැනීමට ද හැකි බවයි අමාත්‍යංශය නිවේදනය කළේ.

ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කිරීමට ද අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඇතැම් වෘත්තීය සමිති සහ ශිෂ්‍ය කණ්ඩායම් පාසල්වලට ඇතුලුවී අධ්‍යාපන කටයුතුවලට බාධා වන ආකාරයෙන් සිසුන් උද්ඝෝෂණවලට සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන බවට අධ්‍යාපන අමාත්‍යංශයට තොරතුරු ලැබී තිබෙනවා.

මීට පෙර ද මෙම තත්වයන් වැලැක්වීම සඳහා පසුගිය පෙබරවාරි 27 වනදා චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් තවදුරටත් විවිධ පාර්ශවයන් විසින් පාසල් තුලට ඇතුලු වී ඉගෙනුම් ක්‍රියාවලියට බාධා කිරීම් සහ අන්තගාමී මතවාද දරුවන් වෙත යොමු කරවීමේ  සිදුවීම් වාර්තාවී ඇති බැවින් ඊට සම්බන්ධ වන පුද්ගලයන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටයි තීරණය වී ඇත්තේ.

ඒ අනුව පාසල් කාලය තුල දරුවන් උද්ඝොෂණවලට සම්බන්ධ කරවීම  / භාහිර පුද්ගලයන්ට හෝ කණ්ඩායම්වලට පාසලට ඇතුලුවීමට සහ ඔවුන්ට සිසුන් ආමන්ත්‍රණය කිරීමට ඉඩ ලබාදීම / ගුරුවරුන් හමුවීමට අවස්ථාව ලබාදීම ඇතුලු ක්‍රියාවන් වැලැක්වීමට විදුහල්පතිවරු හරහා පියවර ගැනීමේ වගකීම සියලු පලාත් අධ්‍යාපන ලේකම්වරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවරා තිබෙනවා.

එමෙන්ම යම් පාර්ශවයක් අනවසරයෙන් පාසලට ඇතුලුවුව හොත් ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරයා වගකිව යුතු අතර ඔහුට පාලනය කර ගැනීමට නොහැකි අවස්ථාවල එම තත්වය පාලනය කිරීමට පොලිසියේ සහය ලබාගැනීමට හැකි වන පරිදි පොලිස්පතිවරයා දැනුවත් කිරීමට ද අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඇතැම් වෘත්තීය සමිති සහ ශිෂ්‍ය කණ්ඩායම්වල අවස්ථාවාදී දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීමේ අරමුණින් දරුවන්ගේ අධ්‍යාපන කටයතු කඩාකප්පල් කරමින් ඔවුන්ව යොමුකර ගැනීමට දරණ උත්සාහයන් ව්‍යර්ථ කිරීමට මැදිහත්වන ලෙසටයි අධ්‍යාපන අමාත්‍යංශය ගුරුවරුන්ගෙන් සහ දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ.