Update : මෙක්සිකෝ භූ කම්පනයෙන් මිය ගිය ගණන 138ක් බවට වාර්තා

Wednesday, 20 September 2017 - 6:33

Update+%3A+%E0%B6%B8%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%9D+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+138%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F
මධ්‍යම මෙක්සිකෝවේ හට ගත් ප්‍රබල භූ කම්පනනයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව අවම වශයෙන් 138ක් පමණ විය හැකි බව විදෙස් මාධ්‍ය පවසනවා.

රොයිටර් පුවත් සේවය වාර්තා කළේ මෙම භූ කම්පනයත් සමඟ තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවයි.

ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර සුන්බුන් අතර සිරවී සිටින පිරිස් බේරා ගැනීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ගෑස් කාන්දුවීම් සහ ගිනි ගැනීම් ද වාර්තා වී තිබෙනවා.

මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 7.1 ක් ලෙස සටහන් වී තිබුණා.





Update :- Wednesday, September 20, 2017  8.46Am
---------------------------------------------------------------------

මෙක්සිකෝවේ සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයන් 100 කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ භූ කම්පනය රිච්ටර් මාපාංක 7.1 ක අගයක් ගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.