අන්තවාදී පිරිස් කෙටි කාලීන විසඳුම් ඉල්ලුවත් වැදගත් වන්නේ ස්ථාවර සහ සාර්ථක ගමනක් - ජනපති

Wednesday, 20 September 2017 - 6:48

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%93%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ඇතැම් අන්තවාදීන් වේගවත් ගමනක් බලාපොරොත්තු වුවත්, වැදගත් වන්නේ සෙමෙන් යන සාර්ථක ගමනක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසි වාරය නිව්යෝක් නුවර දී ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම  අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

ශ්‍රී ලංකාව සෙමෙන් යන සාර්ථක ගමන සඳහා සහයෝගය ලබාදෙන ලෙස ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළා.

මේ අතර, ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබාදීමට සූදානම් බව පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ශහීද් කබාන් අබ්බාසි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහතික වී තිබෙනවා.

දෙරට අතර පවතින වෙළඳ සහ ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කර ගනිමින් එය ශක්තිමත්ව සහ නව ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාමට කැප වන බව ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසි වාරය සඳහා සහභාගිවීමට නිව්යෝක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ මධ්‍යම රාත්‍රියේ හමුවෙමිනුයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

ජනතා කේන්ද්‍රීය තිරසර ලෝකයක් සමගින් සැමට වැදගත් ජීවිතයක් යන්න මෙවර එක්සත් ජාතීන්ගේ 72 වන මහා මණ්ඩල සැසිවාරයේ තේමාවයි.

මේ අතර ඊට සමගාමීව ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සාමාජීය සභාවේ සැසිවාරය සඳහා ජනාධිපතිවරයා පසුගියදා සහභාගී වුණා.

මහා මණ්ඩලය සැසිවාරය හේතුවෙන් නිව්යෝර්ක් නුවර දැඩි ආරක්ෂක විධි විධාන යොදා තිබූ බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරයේ විශේෂ දේශනය පහතින්