අමරිකා ජනපතිගේ ප්‍රකාශය දැඩි විවේචනයට ලක්වෙයි

Wednesday, 20 September 2017 - 15:51

%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන මහා මණ්ඩලය අමතමින් අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ කථාව ලෝක නායකයන් රැසකගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

මෙය අමරිකා ජනාධිපතිවරයා ජගත් සංවිධානය අමතමින් සිදු කළ පළමු කථාව වීම ද විශේෂත්වයක්.

එහිදී ඔහු අවධාරණය කර සිටියේ උතුරු කොරියාව සම්පුර්ණයෙන් විනාශ කර දමන බවයි.

ඔවුන් එලෙස කිරීමට බල කරන්නේ නම් එය සිදුවන බවයි ජගත් සංවිධාන මහා මණ්ඩලය අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියාසිටියේ.

එමෙන්ම ඉරානය ද මැරකමින් ජීවත්වන රටවල් කිහිපයේ ලැයිස්තුව අතරට එක්වන බව ද ඔහු ප්‍රකාශකර තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ට්‍රම්ප්ගේ මෙම අඥාන ප්‍රකාශයන් නොදියුණු යුගයට පමණක් ගැලපෙන බවයි.

කෙසේවෙතත් උතුරු කොරියාව අමරිකා ජනපතිගේ ප්‍රකාශය පිළිබඳ මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

උතුරු කොරියාව අඛණ්ඩව සිදු කරනු ලබන මිසයිල අත්හදා බැලීම් පිළිබඳ අමරිකාව මෙන්ම ලොව රටවල් රැසක් නොසතුට පළකර තිබෙනවා.

එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩල ප්‍රතිපත්ති උල්ලංඝණය කිරීමක් ද වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

අමරිකා ජනාධිපතිවරයා සිදු කළ කථාවේදී උතුරු කොරියා නායක කිම් ජොන් අන්ගේ ක්‍රියාකාරකම් ද විවේචනය කළා.

රොකට් මෑන් යනුවෙන් කිම් ජොන් අන් හැඳින්වු ඩොනල්ඩ් ට්‍රම්ප් කියාසිටියේ ඔහු සියදිවි නසා ගැනීමේ ගමනක නිරත වෙමින් සිටින බවයි.

ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයත් සමග ජගත් සංවිධාන මහා මණ්ඩලයට සහභාගී වී සිටි පිරිස් අතර කසුකුසුවක් ද දක්නට ලැබුනු බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

මෙය වැරදි වේලාවක / වැරදි ප්‍රේක්ෂකයන් පිරිසක් ඉදිරියේ සිදු කළ වැරදි කථාවක් බවට ස්වීඩන අග්‍රාමාත්‍යවරයා ද විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශකර තිබෙනවා.