විදේශ අමාත්‍යාංශයේ නිල මුද්‍රා 27ක් මාබෝලෙන් හමුවේ

Wednesday, 20 September 2017 - 12:49

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+27%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍ර හා අධ්‍යාපන සහතික පත්‍ර සකස් කළ පුද්ගලයින් 03 දෙනෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් මාබෝල ප්‍රදේශයේ පිහිටි දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයක මෙම ව්‍යාජ ලේඛන සකස් කරන ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයට ඊයේ උදෑසන ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර 07ක්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල මුද්‍රා 27 ක්, ද එහි තිබී සොයා ගෙන තිබෙනවා.