රතුපස්වල සිද්ධිය ගැන සී.අයි.ඩී යෙන් අධිකරණයට දැනුම්දීමක්

Wednesday, 20 September 2017 - 13:45

%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93+%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට වෙඩි තැබීමේ සිද්ධියට අදාලව රස පරීක්ෂකවරයාට යැවූ ටී 56 වර්ගයේ ගිනි අවි 40 භාවිතා කර නොමැති බවට රජයේ රස පරීක්ෂකවරයා දන්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.

ඒ මෙම නඩුව ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ලලිත් කන්නන්ගර හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඞ් කර සිටින යුද හමුදා සාමාජිකයන් දෙදෙනා ලබන මස 04 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ.

රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියට අණදුන් බවට අත්අඩංගුවට ගනු ලැබූ යුද හමුදා බ්‍රිගේඩියර්වරයා සහ සැරයන්වරයෙකු මේ වනවිට ඇප මත මුදාහැර තිබෙනවා.

පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල ප්‍රදේශවාසීන් පිරිසක් සිදුකළ විරෝධතාවයක් අතරතුර සිදු කළ වෙඩි තැබීමෙන් තුන්දෙනෙකු මියගියා.