රයන් ජයලත් යළි රිමාන්ඩ්

Wednesday, 20 September 2017 - 15:22

%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් ලබන මස 4 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔහු අද මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් දුලානි එස්. වීරතුංග හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

පසුගිය ජුනි මස 21 වනදා සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී පොදු දේපලවලට හානි සිදු කිරීමේ චෝදනා එල්ලවූ ඔහු අගෝස්තු මස 18 වනදා නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් අනතුරුවයි මුල්වරට රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.