ගීතාගේ අභියාචනය සළකා බලන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

Wednesday, 20 September 2017 - 16:48

%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%85%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B6%82%E0%B6%A0+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ඇය ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලීමට තීරණය කර තිබෙනවා.

අගවිනිසුරුවරයා විසින් මෙම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පත්කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

විනිසුරුවරුන් වන සිසිර ද ආබෲ, අනිල් ගුණරත්න, බුවනෙක අලූවිහාරේ, ජයන්ත ජයවර්ධන සහ නලින් පෙරේරා මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලට අයත්.

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බව අභියාචනාධිකරණය තීරණය කිරීමත් සමඟ ඇය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙලෙස අභියාචනයක් ගොනු කළා.

මේ අතර මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ පසුගියදා අනතුරකට ලක්වුණා.

එම හදීසි අනතුරෙන් ඇය පිළිසුම් තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබුනා.

නාවල නිවසේදී ඇය මෙම අනතුරට ලක් වුනා.

එයින් ඇගේ දෑත්, දෙපා සහ උදරය ආශ්‍රිත ප්‍රදේශ පිළිස්සී තිබු බවද වාර්තා වුනා.