පළාත් සභා තුනක ඡන්දය මාර්තු අවසානයට පෙර

Wednesday, 20 September 2017 - 18:27

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB
පළාත්පාලන මැතිවරණය සහ කාලය අවසන්වීමට නියමිත සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභා තුනේ මැතිවරණ ලබන මාර්තු මාසයට පෙර පවත්වා අවසන් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින්. විවාදය ආරම්භ වීමට පෙර කථානායක කරූ ජයසූරිය සභාවට දැනුම් දුන්නේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පළාත් සභාවල මතය විමසීමේ අවශ්‍යතාවයක් නොමැති බව නිතිපතිවරයා ලිඛිතව දැනුම් දි ඇති බවයි.

කෙසේ වෙතත් තුනෙන් දෙකක බහුතර බලයකින් පනත් කෙටුම්පත සම්මත කරගත යුතු බවට නීතිපතිවරයා දැනුම්දී ඇති බව කථානායකවරයා අද පස්වරුවේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

අද පෙරවරුවේ මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ උනුසුම් සංවාදයක් හටගත් අතර, පසුව පක්ෂ නායක රැස්වීමක් සඳහා සභාව කල් තැබුණා.