පිටකොටුව කුමාර වීදියේ ගින්නක් (ඡායාරූප)

Thursday, 21 September 2017 - 6:44

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%93%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පිටකොටුව කුමාර වීදියේ ඇතිවූ ගින්නක් හේතුවෙන් වෙළඳසැල් 16 කට පමණ හානි සිදුව තිබෙනවා.

ගින්න හටගෙන ඇත්තේ ඊයේ රාත්‍රී 12.30 ට පමණ බවයි වාර්තා වන්නේ.

එක් වෙළඳසැලක ඇතිවූ ගින්නක් මෙලෙස අනෙක් වෙළඳසැල් වලට ව්‍යාප්ත වී ඇති බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

ගින්න ඇතිවූ අවස්ථාවේ කොළඹ මහනගර සභාවේ ගිනි නිවන ඒකකය කඩිනමින් එහි ළඟා වී ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සඳහා ගිනි නිවීමේ රථ 10 ක් පමණ යෙදවීමට සිදුවූ බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.




(ඡායාරූප - බිමල් ශ්‍යාමන්)